FAST NEWS

24×7 Around the Globe

බුද්ධිකගේ ලිංගික සංක්‍රාන්ති ප්‍රශ්නයට ඇමති සාගල අපූරු උත්තරයක් දෙයි…

 

ඇතැම් අපරාධකරුවන් අත්අඩංගුවට පත්වීමෙන් වැළකීම සඳහා ලිංගික සංක්‍රාන්තිකයින් බවට (ලිංගික විපර්යාසවලට) පත්ව මෙරට තුළ වාසය කරන්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රශ්න කර තිබේ.

මන්ත්‍රීවරයා විසින් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දී ඇත්තේ නීතිය හා සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසිනි.

එවැනි පුද්ගලයින් මෙරට තුළ වාසය කරන්නේදැයි තමන්ට තොරතුරු ලැබී නැති බවත් කෙසේ වුවද මෙම ප්‍රශ්නය තමන් පොලිසියට යොමුකර ඒ ගැන ප්‍රකාශයක් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසා තිබේ.

ඇතැම් අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් විදේශගතව සැත්කම් මගින් ලිංගික විපර්යාසවලට ලක්වී නැවත මෙරටට පැමිණ අත්අඩංගුවෙන් බේරී සිටීමට මෙම උපක්‍රමය භාවිතා කරන බවට කතා බහක් සමාජය තුළ මතුව තිබේ.