FAST NEWS

24×7 Around the Globe

මාලිංගට ක්‍රීඩා කල හැකි හරිම දිනය මහාචාර්ය අර්ජුන කියයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අත්දැකීම් බහුලම වේගපන්දු යවන්නා වන ක්‍රීඩක ලසිත් මාලිංගට මෙම වසර තුළදී ක්‍රීඩා කළ නොහැකි වාතාවරණයක් උද්ගතවී ඇති බව ක්‍රීකට් ආරංචි මාර්ග පවසයි.

ඔහුගේ පාදයේ ආබාධය තවමත් 100%ක් සුව නොවීම මීට ප්‍රධානතම හේතුව බව පැවසේ.

එම හේතුවෙන් මාලිංගට බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ ඇතුළත්ව පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද අහිමී වී තිබේ.

එසේම මෙම වසර අවසානයේ දියත්වන දකුණු අප්‍රිකානු සංචාරය වනවිට මාලිංගගේ පාදයේ ආබාධය බොහෝදුරට සුවවනු ඇති බව මාලිංගගේ ආබාධයට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

මාලිංග මේ වනවිට සිය පුහුණුවීම් කෙටිකාලීනව ආරම්භ කර තිබුණද, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, බටහිර ඉන්දීය කොදෙව් හා සිම්බාබ්වේ තුන්කොන් එක්දින තරගාවලියට ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත බවද හෙතෙම ප්‍රකාශ කරයි.

මාලිංගගේ ආබාධය පිළිබඳව වැඩිදුර අදහස් පළකළ අර්ජුන ද සිල්වා මහතා “මාලිංගගේ ආබාධ තත්ත්වය දැන් බොහෝදුරට සුව තත්ත්වයක් පෙන්නුම් කරනවා. දකුණු අප්‍රිකානු සංචාරය වනවිට මාලිංග සියයට සියයක් සුවවේවි යැයි අපි අපේක්ෂා කරනවා. එසේම බොහෝදුරට මාලිංගට ක්‍රීඩා කරන්න වෙන්නෙ ලබන අවුරුද්ද මුල පැවැත්වෙන දකුණු අප්‍රිකානු තරගාවලියේ එක්දින හා විස්සයි20 තරග සඳහායි. නොවැම්බර් මස පැවැත්වෙන තුන්කොන් තරගාවලිය සඳහා ඔහු ක්‍රීඩා කිරීමේ සම්භාවිතාව අවමයි. අපිට ස්ථිර වශයෙන් මාලිංග ක්‍රීඩා කරනවා යැයි නිර්දේශ කළ හැකි වන්නේ දකුණු අප්‍රිකානු තරගාවලියේ සිට” යැයි පැවසීය.