FAST NEWS

24×7 Around the Globe

සංචිතටය ඇතුලත්ව තිබුණත් මැතිව්ස් සිම්බාබ්වේ නොගිය ඇත්තම හේතුව හෙළි කරයි…

 

ශ්‍රී ලංකා කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් සංචිතටය ඇතුලත් කර තිබුණද තමන් සිම්බාබ්වේ සංචාරය නොයෑමට ගත් තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කර තිබේ.
.
එහිදී ඔහු පවසා ඇත්තේ සිම්බාබ්වේ තරගාවලියට තමන් සහභාගී වුවහොත් තමන්ට  ලබන දෙසැම්බර් පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකා තරගාවලිය සදහා සහභාගී වීමට නොහැකි වන බවයි.

ඊට හේතුව ලෙස ඔහු පවසා තිබුනේ පසුගියදා ගත්  MRI පරීක්ෂණය මගින් ඔහු තරග කිරීමට සුදුසු මට්ටමක නොසිටින බවත් වීවේකය අවශ්‍ය වන බවත් තහවුරු කළ බැවින් එම තීරණය ගත් බවය.

ඕස්ට්‍රේලියානු එක් දින තරගයකදී ආබාධයට ලක් වූ මැතිව්ස්ට වෛද්‍යවරුන්  මාස එකහමාරකට පසු ඔහු සුව වන බව පැවසුවත් MRI පරීක්ෂණය මගින් අනාවරණය වී ඇත්තේ තවත් විවේකයෙන් පසු විය යුතු බවත්ය.