තායිලන්තයේ වසර 70 ක් රජකම් කළ ‘බූමි බෝල්’ රජුගේ දේහය තැම්පත් කර ඇති මාලිගාවට, නව රජු ලෙස මේ වනවිට කටයුතු කරන 64 වියැති වජිරාලොන්ග්කෝර්න් කුමරු නිළ වශයෙන් පැමිණ රජුගේ දේහයට ගෞරව කර තිබේ.
පුර්ණ රාජකීයත්වයක් ඉසිලු එම අවස්ථාව මෙරට, පාංසුකුලය දෙන,පැන් වඩන ආකාරයේ ආගමික අවස්ථාවක් වී ඇති අතර කෝටි 07 ක ජනගහනයකින් 94% ක් ථෙරවාදී බුදුදහම අදහන තායිලන්ත රජුගේ දේහය තැම්පත් කර ඇත්තේ රජ මාළිගාවේ බුද්ධ මන්දිරය අසන්නයේය.
තායිලන්තයේ මියගිය “බූමි බෝල්” රජුට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් දින 100 ක කාලයක් දේහය බැංකොක් හි රාජකීය මාළිගාවේ තැම්පත් කර තැබීමට එරට රජය තීරණය කර ඇති අතර පිටතට නොපෙනෙන සේ විශේෂ පැසක දේහය තැම්පත් කර ඇති බවද එරට රජය පවසා තිබේ.
අග්රාමාත්ය ප්රයුත් චාන්-ඕචා සඳහන් කළේ ලක්ෂ ගණනක ජනතාවගේ වන්දනීයත්වයට ලක්වන රජුට අවසන් ගෞරව දැක්වීමට මෙම කාලය ලබා දිය යුතු බවයි.
මුළු රටකම ජනතාවගේ දැඩි ගෞරවාදරයකට පත්ර වූ “බූමි බෝල්” රජුට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් ලක්ෂ ගණනක් ජනතාව දින කිහිපයක සිට සමූහ පෝලිම්වලට එකතු වී සිටින අතර තවමත් එම දිගු පෝලිම් බැංකොක් හි වැල නොකැඩි රජුට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් පෙළ ගැසෙමින් සිටින බවත් වාර්තා වේ.
ඡායාරුප පහතින්..


















