FAST NEWS

24×7 Around the Globe

ලොව උසින් වැඩි උල්ම් පල්ලිය මුහුණ දෙන දරුණු ගැටළුව මෙන්න…

ලොව උසම පල්ලියට හිමිකම් කියන ජර්මනියේ උල්ම් නගරය මේ දින වල දරුණු ගැටළුවකට මුහුණදී ඇති අතර එම ගැටළුව මුත්‍රා ප්‍රශ්ණයකි.

ගොතික් සම්ප්‍රදායට අනුව නිම වූ උල්ම් පුරාණ ගොඩනැගිල්ලට අල්ලා මුත්‍රා කිරීම හේතුවෙන් හමන අධික දුර්ඝන්ධය හා සෞඛ්‍ය ගැටළු වලට අමතරව තවත් ගැටළුවක් මතුව ඇති බව වාර්තා වේ.

මුත්‍රා වල අඩංගු අම්ල හා ලුණු මගින් මෙම ගොඩනැගිල්ලේ ගලින් නිම කළ පහත ප්‍රදේශය දිරාපත් වෙමින් යාම එම ගැටළුව වී තිබේ.

මෙම තත්ත්වය මගහරවා ගැනීමට උල්ම් නගරය විසින් පල්ලියට මුත්‍රා කරන පුද්ගලයන් හට නියම කරන දඩය දෙගුණ කර ඇති අතර මේ වන විට යූරෝ සියයක දඩයක් නියම කර තිබුණ ද මෙම ගැටළුවට විසඳුමක් නොලැබී ඇතැයි විදෙස් වාර්තා වල සදහන් වේ.

මේ වන විට ලොව උසම පල්ලිය උල්ම් පල්ලිය වුවත්, ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ සගරාදා ෆමීලියා පල්ලිය 2026 දී නිමවූ පසුව එය ලොව උසම පල්ලිය වන බවද වාර්තා වේ.