FAST NEWS

24×7 Around the Globe

හැලප කන්න දී කළ යෝජනාව ගැන ගීතා හෙළි කරන හැටි මෙන්න…

 

“මටත් හැලප කන්න දීලා තනතුරක් දෙන්න කතා කෙරුවා.ඒත් මට මගේ ජනතාවත්, මහින්ද මහත්තයාගේ නායකත්වයත් ඒ තනතුරු වලට වඩා වටිනවා. අද මේ රටේ 90%ක් ජනතාව ආදරය කරන්නේත්, ඉල්ලන්නේත්, මහින්ද මහත්තයාවයි. මහින්ද මහත්තයා ජනාධිපති කරවන සටනට දායක වන හැම කෙනෙක්ම මේ රටේ වීරයෙක්, නැත්නම් වීරවරියක් වෙනවා” යැයි ගාලු දිසා මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය බෙන්තොටදී පවසා තිබේ.

බෙන්තොට සමුපකාර මන්දිරයේදී ඉකුත් (23) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මහජන හමුවක් අමතමින් කුමාරසිංහ මහත්මිය මෙසේද පවසා තිබේ.

“අද ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරු 51 දෙනාටම වගේ මොකක් හරි නඩුවක් දාලා.අපි වැඩිපුර ඉන්නේ උසාවියක, පොලීසියක, නැතිනම් එෆ් සී අයි ඩී එකේ. ඔවුන් සමග එකතු වෙනවා නම් මේ නඩු මොකුත් නැහැ. යූ ඇන් පියත් එක්ක එකතු වෙලා මේ රටට මහා විනාශයක් කරන අය තමයි අපටත් ඔවුන් සමග එකතු වන්න කියන්නේ.”