FAST NEWS

24×7 Around the Globe

”රාජපක්‍ෂ මාධ්‍යවේදීන් 20ක් මැරුවා” – චන්ද්‍රිකා මහා රහසක් හෙළි කරයි… (වීඩියෝ)

 

අද වන විට සාමයෙන් සංහිදියාවෙන් රජය ගෙන යන වැඩපිලිවෙල දෙස උතුර හා නැගෙනහිර ජනතාව ඉතා ආදරයෙන් බලා සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මීගමුවේ පැවති උත්සව අවස්ථාවක් අමතමින් පවසා තිබේ.

රාජපක්‍ෂ රජය විසින් මාධ්‍යවේදීන් විසි ගණනක් මරා දැමූ බවත් තවත් විසි ගණනක් පහර දීම්, අතුරුදහන් කිරීම් බලපෑම් මත රට හැර යාම් සිදුවූ බවද හිටපු ජනපතිනිය එහිදී සදහන් කර තිබේ.

රාජපක්‍ෂ තමන්ටද වසර නවයක් තිස්සේ වද දුන් බව කී ඇය තමන්ව මරා දැමීම සදහා ඔහු උත්සාහ කල බවත් පවසා තිබේ.

වීඩියෝව පහතින්..