ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් අත්සන් කිරීමේදී කිසිදු ප්‍රශ්නයක් ඇති නොවූ බවත්, ක්‍රිකට් ක්‍රීඩකයන් 100ක්ම ගිවිසුමට එකඟ වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (24දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
“පසුගිය දින කිහිපයේදී නොයෙක් වාර්තා පළවුණා, සමහර වාර්තා ඉතාමත් වැරදියි, එයින් ක්‍රීඩකයන්ගේ ගෞරවයටද හානි වුණා,ඒත් ගිවිසුම් පිළිබඳව අපිට ප්‍රශ්නයක් තිබුණේ නෑ” යැයි මැතිව්ස් වැඩිදුරටත් පැවැසීය.
ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගිවිසුම් අත්සන් කිරීම ප්‍රමාද වූයේ පුහුණු කයුතුවලට වැඩි කාලයක් යෙදවීමට සිදුවූ නිසා බව මැතිව්ස් පවසයි.
මෙහිදී පළවූ සමහර වාර්තා හේතුවෙන් ක්‍රීඩකයන් සල්ලිවලට කෑදර පිරිසක් බවට මතයක් ගොඩනැගුණු බවත්, ඒවා ඉතාමත් අසත්‍ය ඒවා බවත් මැතිව්ස් වැඩිදුරටත් පවසයි.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉදිරියට ගෙන යාම සඳහා ‘ඒ’ කණ්ඩායමේ මෙන්ම අන්තර් ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩකයන්ටද මෙම ගිවිසුම් තුළින් නිසි ඇගයීමක් ලැබි ඇති බව පවසන මැතිව්ස් සියලුම ක්‍රීඩකයන්ගේ අරමුණ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනයාම බවද පවසයි.
ආබාධය පිළිබඳව අදහස් දැක්වූ මැතිව්ස් පවසන්නේ සිම්බාබ්වේ තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා උපරිම උත්සහයක් ගත් නමුත් එය අසාර්ථක වූ බවයි.
වෛද්‍ය උපදෙස් මත තමාට විවේක ගැනීමට සිදුවූ බවත් ආබාධය පිළිබඳව නිසි තක්සේරුවක් කර ඉදිරි කටයුතු සැලසුම් කරන බව මැතිව්ස් වැඩිදුරටත් පවසයි.