FAST NEWS

24×7 Around the Globe

කොන්දොස්තර ලංගමෙන් අරක්කු ඇදලා….

 

රත්තොට සිට ලග්ගල දක්වා ධාවනය කළ ලංගම බසයක කොන්දොස්තරවරයකු ගමන් වාරය අතරතුරේදී මත්පැන් අලෙවි කරද්දී පොලිසියට අසුවිය.

මත්පැන් අලෙවි සැලකින් ලබාගන්නා මත්පැන් අතරමඟ රැඳී සිටින ගැනුම්කරුවන්ට අලෙවි කරන බවට මගීන්ගෙන් ලැබුණු තොරතුරක් අනුව ලග්ගල පොලීසිය උපාය දුතයකු යොදවා මත්පැන් අලෙවි කරද්දි බොතල් හතරක් රුපියල් 7000ක් සමඟ කොන්දොස්තර හා රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.