FAST NEWS

24×7 Around the Globe

“මම සිම්බාබ්වේ ටෙස්ට් ගහලා නෑ ” සංචාරයට පෙර නායක හේරත් තරගාවලියේ සැලසුම් හෙළි කරයි..

නවකයන් බහුතරයක්‌ කණ්‌ඩායමේ සිටියත් සිම්බාබ්වේ තරගාවලිය සාර්ථකව අවසන් කර ගැනීමට හැකි ක්‍රීඩකයන් පිරිසක්‌ සිටීම සතුටට කරුණක්‌ බවත් පවසන රංගන හේරත් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වය බලාගෙන කිසිම දිනක ක්‍රීඩා නොකළ බවද පවසා තිබේ.

රංගන හේරත්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්‌ඩායම ටෙස්‌ට්‌ තරග දෙකකට සහභාගි වීම සඳහා සිම්බාබ්වේ බලා අද (25 දා) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය අතර ඊට පෙර ඊයේ (24 දා) ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් මෙසේ පවසා තිබේ.

”මට අවුරුදු 38 දී කණ්‌ඩායමේ නායකත්වය ලැබීම ගැන සතුටක්‌ නෙමෙයි. මම හිතන්නෙ අත්දැකීම් නැති ක්‍රීඩකයන් ගොඩක්‌ කණ්‌ඩායමේ හිටියත් ඔවුන් දේශීය තරගවල දී හොඳින් ක්‍රීඩා කරල අත්දැකීම් ඇති ක්‍රීඩකයන්. ඒ නිසා උපරිමය කරන්න පුළුවන් කට්‌ටියක්‌ ඉන්නවා. ඔස්‌ට්‍රේලියානු සංචාරයේ දී ගත්ත පන්නරය ඉදිරියටත් තියා ගන්න බලාපොරොත්තු වෙනවා.

‘සිම්බාබ්වේ’ අපිට මෙහෙට වඩා වෙනස්‌ තණතිල්ලක්‌ ලැබෙන්න පුළුවන්. මමත් විශ්වාස කරනවා අපිට ඉන්න දඟ පන්දු යවන්නෝ සහ වේග පන්දු යවන්නන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් නැති වුණත් මේ තරගාවලියේ හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා. මමත් සිම්බාබ්වේ දී ටෙස්‌ට්‌ තරගයක්‌ ක්‍රීඩා කරල නැහැ. එක්‌ දින තරගයක්‌ තමයි ක්‍රීඩා කරල තියෙන්නෙ. තරගයට කලින් තියෙන දවස්‌ තුනේ දී ටෙස්‌ට්‌ තරගය සඳහා හොඳට ලෑස්‌ති වෙන්න වෙනවා”.