FAST NEWS

24×7 Around the Globe

මෝල්ටාවේ ගුවන් අනතුරකින් 05 ක් මරුට..

මෝල්ටා ගුවන්තොටුපලේදී සිදුවූ ගුවන් යානා අනතුරකින් ප්‍රංශ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු ඇතුළු ප්‍රංශ ජාතිකයින් පස් දෙනෙකු මිය ගිය බව වාර්තා වෙයි.

මෙට්‍රෝ ලයිනර් මාර්ක් 3’ දරණ යානය  ගුවන්ගත වී සුළු කාලයක් ඇතුළත කඩා වැටීමෙන් පසුව යානය ගිනිගෙන ඇති  බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ගුවන් යානය ලිබියාව බලා පිටත්ව යාමට නියමිතව තිබු බවද වාර්තා වේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ප්‍රංශ ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.