FAST NEWS

24×7 Around the Globe

ලක් නිපැයුම් වසා දමයි… ඉඩ ”හමීඩියා” සාප්පුවකට?

 

ලංකාවේ නිර්මාණ කරුවන්ගේ නව නිර්මාණ අලෙවි කිරීමට සකස්කර තිබූ කටුබැද්දේ ලක් නිපැයුම් අලෙවි මධ්‍යස්ථානය වසා දැමීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ලක් නිපැයුම් අලෙවි මධ්‍යස්ථානය ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ආයතනයක් වන අතර මෙරට නිර්මාණකරුවන්ගේ භාණ්ඩ අලෙවියට ඇති එකම ස්ථානය මෙය බවද සදහන් වේ.

මෙහි ශාඛාවක් පිටකොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේද තිබුණ අතර
එම මධ්‍යස්ථානයද මේවන විට වසා දමා ඇති බව වාර්තා වේ.

කටුබැද්දේ පිහිටි ලක් නිපැයුම් අලෙවි මධ්‍යස්ථානය වසා දමා ඒ වෙනුවෙන් වෙන්කර තිබූ ඉඩ ෆවුසුල් හමීඩ් මහතාට අයත් “හමීඩියා” නිමි ඇඳුම් සාප්පුවක් වෙනුවෙන් ලබාදීමේ සැලැසුමක් ඇති බවද සදහන් වේ.