සංචාරක එංගලන්ත කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 22 ක තියුණු ජයත් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම අද (24) සමත් විය.
ජයගහ්‍රණය සඳහා එංගලන්ත කණ්ඩායමෙන් ලකුණු 286 ක ඉලක්කයක් ලැබුණද බංගලාදේශ කණ්ඩායම සියළු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 26ක් පමණී.
එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවී ලකුණු 293 ක් රැස් කර ගැනීමට සමත් වු අතර බංගලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 248 ක් රැස් කිරීමට සමත් විය.
එ අනුව ලකුණු 45 ක් ඉදිරියෙන් සිට සිය දෙවැනි ඉනිම ඇරඹු එංගලන්ත කණ්ඩායම ලකුණු 240 කට සියළු දෙනා දැවී ගිය අතර එ අනුව තරගය ජය ගැනීම සඳහා බංගලාදේශ කණ්ඩායමට ලකුණු 286 ක ඉලක්කයක් හිමී විය.
එ අනුව ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලිය 1- 0 ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය සමත් වේ.
ලකුණු පුවරුව පහතින්…








