FAST NEWS

24×7 Around the Globe

සුපිරි ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය හිටපු නගරාධිපතිනිය කොටු වේ…

 

මඩකළපු ත්‍රිකුණාමල මාර්ගයේ පිහිටි හිටපු නගරාධිපතිනියකට අයත් බව කියන හෝටලයක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මඩකළපුව පොලිසිය විසින් ඊයේ(23) සවස වටලා එම හිටපු නගරාධිපතිනිය ඇතුළු නවදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ස්ථානය වටලන ලද අවස්ථාවේ එහි සිටි පිරිමි 06 දෙනකු සහ කාන්තාවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මඩකළපුව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු පවසා තිබේ.

මඩකළපුව පොලිසිය මේ පිළිබද පරීක්‍ෂණ පවත්වයි.