ලන්ඩනයේ ආපනශාලා රජු වශයෙන් සැලකෙන්නේ ශ්‍රී ලාංකිකයකු බව පුවත්පතක් වාර්තා කර තිබේ.
ඩෙස් ගුණවර්ධන නම් වූ 53 හැවිරිදි ව්‍යාපාරිකයා ලන්ඩනයේ ඉහළ පැලැන්තියේ ආපනශාලා 34ක මෙන්ම නිව්යෝර්ක්, පැරිස්, තෝකියෝ ආදී ලෝකයේ ප්‍රසිද්ධ නගර ගණනාවකත් තවත් හෝටල් කිහිපයකත් ආපනශාලා ජාලයක හිමිකරු වන බව වාර්තා වී තිබේ.
එසේම මොහු මේ දිනවල එංගලන්තයේ ආන්දෝලනාත්මක පුවත් මවන්නකු බවටද පත්ව සිටින බව සදහන් වේ.
ඔහු ශ්‍රී ලංකාවේ ඉපිද මෙරට පාසලකින් මූලික අධ්‍යාපනය ලබා පසුව එංගලන්තයේ පදිංචියට ගිය තැනැත්තෙක් වේ.
එංගලන්තයේදී වැඩිදුර අධ්‍යාපනය ලැබූ ඩෙස් 1981දී අර්නස්ට් ඇන්ඩ් යංග්හි වරලත් ගණකාධිකාරිවරයකු වශයෙන් වෘත්තීය ජීවිතය අරඹා ඉන්පසු 1991දී කොන්රන් හෝල්ඩිංග්ස් සමූහ ව්‍යාපාරයට සම්බන්ධ වී තිබේ.
ලන්ඩනයේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන ශ්‍රීමත් ටෙරන්ස් කොන්රන්ට අයත් මෙම සමාගමේ අවුරුදු 11ක සේවයෙන් පසු එඉන් ඉවත්ව ඇත්තේ හෝටල් ජාලයෙන් කොටසක් මිලදී ගනිමිනි.
ගුණවර්ධන තවත් යහළුවකු සමග D&D නමින් හෝටල හා ආපනශාලා ව්‍යාපාරයක් පවත්වා ගෙන යන අතර ලෝක ප්‍රසිද්ධ Le Pont De La Tour, Blue Pring, Lavceston Place, Sky Low Meea ආපනශාලා සියල්ලේම හිමිකරුවා ඔහු වන බව වාර්තා වේ.
ඔහු යටතේ 2300ක සේවක පිරිසක් වැඩ කරන අතර වාර්ෂික ආදායම පවුම් මිලියන සියයක් පමණ වන බව සදහන් වේ.
වයස 24ක දියණියක් හා වයස 22ක පුතකුද සිටින ඔහුගේ නම 2015 ලන්ඩන් ටයිම්ස් පත්‍රය නිකුත් කළ බ්‍රිතාන්‍යයේ ධනවත්ම සියදෙනාගේ ලැයිස්තුවේ ද සඳහන් වේ.
ඡායාරූප පහතින්..













