FAST NEWS

24×7 Around the Globe

දියණියගේ අවසන් කටයුතු වලට ෆ්ලෑෂ්බෑක් නොපැමිණීම ගැන කිංස්ලි පීරිස් පිළිතුරු දුන් හැටි මෙන්න…

 

ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ ගායක කිංස්ලි පීරිස්ගේ දියණිය පසුගියදා අප අතරින් සදහටම සමුගත් අතර ඇගේ අවසන් කටයුතු සඳහා ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ කිසිම කෙනකුට සහභාගි වීමේ අවස්ථාව අහිමිවූයේ ඔවුන් ඉතාලියේ සිටි නිසයි.

මේ කාරණාව ඉලක්ක කරගනිමින් ෆේස්බුක් ඇතුළු සමාජ වෙබ් අඩවි ගණනාවක විවිධාකාරයේ පුවත් පළවූ අතර ඇතැමුන් සඳහන් කර තිබුණේ තම මිතුරගේ ශෝකජනක මොහොතකදී ඔවුන් මගහැරි බවයි.

මේ සම්බන්ධයෙන් කිංස්ලි පීරිස් පිළිතුරු සපයා තිබේ.

ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායම ඒ වන විට විදෙස් ප්‍රසංග මාලාවකට සහභාගි වී සිටි අතර අතිවිශාල ප්‍රචාරණයක් දී විශාල මුදල් ප්‍රමාණයක් ඊට වැය කළ නිසා තමන් පමණක් ලංකාවට පැමිණි බව ඔහු සඳහන් කර තිබේ.

ෆ්ලෑෂ්බෑක් නොපැමිණියේ වෙනත් කරුණක් නිසා නොවන බවද ඔහු පැහැදිලි කර ඇති බව වාර්තා වේ.