FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ට පන්දු යැවිමේ තහනමක් පැනවෙයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්හට මාසයක කාලයක් පන්දු යැවීම තහනම් කර ඇතැයි වාර්තා වේ.

ඒ ඔහුගේ පාදයේ ආබාධය තවමත් සම්පුර්ණයෙන්ම සුවවී නොමැති නිසා බවද පැවසේ.

මැතිව්ස්ව පරීෂාකල වෛද්‍යවරුන් පවසා ඇත්තේ අවම වශයෙන් ඔහු මාසයක පමණ කාලයක් පන්දු යැවීමෙන් වැලකී සිටිය යුතු බවයි.

හෙට (23) පැවැත්වෙන යෝග්‍යතා පරික්ෂණයෙන් පසු මැතිව්ස් සිම්බාබ්වේ සංචාරයට එක් කරනවාද නැද්ද යන වග තීරණය කරන බව මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගෙන් විමසා සිටි අවස්ථාවකදී ඔහු පවසා ඇත.

කෙසේ නමුත් සිම්බාබ්වේ සංචාරයේදී මැතිව්ස් නායකයෙකු ලෙස කණ්ඩායමට එක් කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.