FAST NEWS

24×7 Around the Globe

අගමැති බෙල්ජියමෙදි චොක්ලට් හැදුවේ අපේ රටෙන් ගෙනියපු බඩු දාලාලූ…

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතාගේ බෙල්ජියම් නිල සංචාරය අතරතුර චොක්ලට් කර්මාන්ත ශාලාවකදී චොක්ලට් සෑදූ අයුරු මෙරට මුද්‍රීත මෙන්ම විද්‍යුත් මාධ්‍ය බොහෝමයක පාහේ පල විය.

Laurent Gerbaud චොක්ලට් කර්මාන්ත ශාලාවට ගිය අගමැතිවරයාට චොකලට් හැදීමට ආරාධනා කළ එහි හිමිකරු පවසා ඇත්තේ තම රටේ චොක්ලට් හදන්න කොකෝවා හැර කිසිවක් නොමැති බවය.

මෙහිදී අගමැතිවරයා බෙල්ජියමේදී චොකලට් සාදා ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බෙල්ජියමට යැවූ කුළුබඩුද මිශ්‍ර‍කරය.