FAST NEWS

24×7 Around the Globe

මෛත්‍රි සමග කථා නොකරන දේ ගැන හෙළි කරමින් හිටපු ජනාධිපති රාජිතට දුන් පිළිතුරු මෙන්න…

 

රාජිත සේනාරත්න ඇමැතිවරයා ප්‍රකාශ කරන ආකාරයට ඩුබායිහි බැංකු ගිණුම් ප්‍රශ්නයක්‌ පිළිබඳව තියා තම දරුවන්ට තිබෙන ප්‍රශ්නයක්‌ ගැනවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ තමා කිසිදු අවස්‌ථාවක කතා කර නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

මෙයද පසුගිය මැතිවරණ කාලයේදී කියූ බොරුවලට සමාන තවත් එක්‌ අමූලික බොරුවක්‌ බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

රාජිත සේනාරත්න ඇමැතිවරයා වැනි කෙනකු කරන මෙවැනි බොරු ප්‍රචාරවලට උත්තරදීමට තමා අකමැති වූවත්, ජනතාවට සත්‍යය දැන ගැනීම සඳහා මේ බව ප්‍රකාශ කරන බවද පවසන බවත් හෙතෙම සදහන් කර තිබේ.

”ජනාධිපතිවරයා පසුගියදා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනකු අධිකරණයට ගෙනයෑම ගැන සඳහන් කරමින් කළ කතාව සියලුම විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවල ප්‍රචාරය වූවා. විද්යුත් මාධ්‍ය තුළින් ජනතාව ඇසූ දුටු එම කතාවද විකෘති කරමින් ජනාධිපතිවරයා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ගැන සඳහන් නොකළ බව කියන රාජිත සේනාරත්න ඇමැතිවරයා වැනි කෙනෙකුට කියන්න බැරි බොරුවක්‌ නැහැ. මා කිසි විටකත් අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරියට ද කතා කර නැහැ.”

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස්‌ පළ කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයට පැමිණි අවස්‌ථාවේදී මාධ්‍යවේදියකු මේ සම්බන්ධයෙන් විමසූ අවස්‌ථාවේදීය.