FAST NEWS

24×7 Around the Globe

2017 අයවැයෙන් මිල ගණන් අඩු වන වාහන මෙන්න…

 

2017 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනා මගින් රථ වාහන ක්ෂේත්‍රයට වැඩි බලපෑමක් එල්ල නොවනු ඇති බව වාහන ආනයනයකරුවන් පෙන්වා දී තිබේ.

ඔවුන් සඳහන් කළේ මුදල් අමාත්‍යවරයා වසර දෙකක් ගතවන තුරු වාහන මිලේ වැඩි වෙනසක් නොවන බවට මීට පෙර සඳහන් කර තිබූ බවයි.

මේ අතර වාහන ආනයනයකරුවන් පෙන්වා දෙන්නේ ලොරි සහ බස් රථ මිළ ගණන් ඉදිරියේදී අඩු වීමට ඉඩ ඇති බවත් ලොරි සහ බස් රථ ආනයනයේදී අය කරන බදු අඩු කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව ඇති බවත්ය.

එමෙන්ම ලොරි සහ බස් රථ ආනයනයේදී පනවා ඇති නිෂ්පාදිත වසර පිළිබඳ නීතිය ලිහිල් කර පැරණි වාහන ගෙන්වීමේ අවස්ථාව හිමි වනු ඇති බවට ද ඔවුන් විශ්වාසය පළ කර ඇති බව වාර්තා වේ.