FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාව පරදා නවසීලන්තය ලකුණු 06 ක තියුණු ජයක් ලබයි…

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දියා කණ්ඩාම අතර ඊයේ (20) පැවති දෙවන එක්දින තරඟයෙන් ලකුණු 6ක තියුණු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ඉන්දීය අරාධනයෙන්  පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 242 ක් ලබා ගත්තේය.

අනතුරුව ලකුණු 243ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 3කදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 236ක් පමණී.

තරඟය ජය ගැනීම සඳහා අවසාන පන්දුවාරයේදී ඉන්දීය කණ්ඩායමට ලකුණු 10ක් ලබා ගැනීමට තිබුණද එම පන්දුවාරයේ තුන්වන පන්දුවේදී අවසන් කඩුල්ල ලෙස ජස්ප්‍රිට් බුම්රාහ් දවා ගැනීමට නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ටිම් සවුති සමත් විය.

ඒ අනුව තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියේ තරඟ 1 බැගින් ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවේ.