FAST NEWS

24×7 Around the Globe

ඔබාමාගෙන් ඇමරිකානු ජනතාවට රතු එළියක්…?

 

ඇමරිකානු ජනපතිවරණ ( America ) සටනේ ඩිමොක‍්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට සහය පළ කිරීම සඳහා මියාමිහිදී ඊයේ(20) පැවති රැළියක් අමතමින් ජනපති බරක් ඔබාමා පවසා ඇත්තේ ට‍්‍රම්ප් වැනි ඇමරිකානු ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට ගරු නොකරන අයෙකුට බලය පැවරීම අතිශය භයානක බවයි.

පසුගියදා ඔහියෝ හි පැවති ජන හමුවකදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට‍්‍රම්ප් මෙවර ජනපතිවරණයේ ප‍්‍රතිඵල තමන් පිළිගන්නේ තමන් ජනපතිවරණය ජයග‍්‍රහණය කළහොත් පමණක් යනුවෙන් ඇමරිකානු ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට අපහාස කරමින් කළ ප‍්‍රකාශය ගැන බැරුම්ව සිතිය යුතු යයි තමා අවධාරණය කරන බව ඔබාමා පවසා තිබේ.

ඊයේ(20) පැවති විවාදයෙන් පසුව ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ජනප‍්‍රියත්වය තවදුරටත් පහළ ගොස් ඇති බව වාර්තා වේ.