FAST NEWS

24×7 Around the Globe

එකම පන්දු වාරයකදී විනිසුරු ධර්මසේනට තෙවරක් වැරදුන හැටි මෙන්න…(වීඩියෝ)

 

ක්‍රිකට් විනිසුරුවරුන් අතින් වැරදි සිදුවන අවස්ථා අප දැක ඇති නමුත් එවැනි ආකාරයේ විශේෂිත සිදුවීමක් වාර්තා වී තිබේ.

ක්‍රිකට් පිටියේ සාමාන්‍යයෙන් දැකිය නොහැකි ඉතාම විරල ආන්දෝලනාත්මක තීන්දු තුනක් ශ්‍රී ලාංකීය විනිසුරු කුමාර් ධර්මසේන අතින්  සිදුව ඇති අතර  ය අතර ඊයේ(20) ආරම්භ වූ පළමු ටෙස්ට් තරඟයේදි මෙය සිදුව තිබේ.

විනිසුරු කුමාර් ධර්මසේන අතින් සිදුවූ වරද ඉතිහාසගත වන්නේ මෙලෙසය..

1. පිට පිටම කුමාර් ධර්මසේන ලබාදුන් දැවී යාමේ තීන්දු තුනක්ම තුන්වන විනිසුරු විසින් ප්‍රතික්ෂේප කිරීම.

2. කුමාර් ධර්මසේන විනිසුරු විසින් දැවී ගිය ක්‍රීඩකයෙකු බවට එම අවස්ථා තුනේදීම නම් කළේ එකම ක්‍රීඩකයෙකු වීම.

3. දැවීගිය ලෙස නම් කළ ක්‍රීඩකයාට පන්දු යැවීම සිදු කළේද එකම ක්‍රීඩකයෙකු වීම.

4. දැවී ගිය අවස්ථා තුනම කඩුල්ල මුවා කිරීම සම්බන්ධයෙන් ලබාදුන් තීන්දු වීම.

කෙසේ වෙතත් ඊයේ(20) දිනයේදී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට විදෙස් මාධ්‍ය සුවිශේෂි කොට වාර්තා කොට ඇති බව සදහන් වේ.

ඊයේ (20) තරඟයේ 26 පන්දුවාරය යවනු ලැබුවේ බංගලාදේශ පිලේ ශකීබ් අල් හසන් විසින් වන අතර පන්දුවට පහර දෙමින් සිටියේ මොයීන් අලීය.

එම පන්දුවාරයේ පස්වන පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදකට ශකීබ් අල් හසන් විසින් ඉල්ලීමක් කරන අතර මොයින් අලී දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස විනිසුරු කුමාර් ධර්මසේන සටහන් කර තිබේ.

කෙසේ වෙතත් මොයින් අලී ‘‘රිවීව්‘‘ අවස්ථාව ලබාගනිමින් මෙය තෙවන විනිසුරුට යොමුකළ අතර එහිදී ඔහු නොදැවි ගිය ක්‍රීඩකයෙකු වශයෙන් සටහන් වුනේ පන්දුව පිත්තේ වැදී තිබිම හේතුවෙන්.

අනතුරුව 28වන පන්දු වාරයේ දෙවන පන්දුවේදී ශකීබ් අල් හසන් විසින් මොයින් අලීව නැවතත් කඩුල්ල මුවා කිරීමේ වරදකට හසු කරගත් අතර ධර්මසේන එයද දැවී යාමක් ලෙස සටහන් කර තිබේ.

නැවතත් තෙවන විනිසුරු වෙත යොමුකළ මෙය නොදැවී යාමක් ලෙස සටහන් වුනේ පන්දුව කඩුලේ නොගැටීම හේතුවෙන්.

ඉන්පසුව නැවතත් තරඟයේ 28වන පන්දුවාරයේදීම 4වන පන්දුවේදී ශකීබ් අල් හසන් විසින් මොයින් අලීව කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුකරගත් අතර විනිසුරු ධර්මසේන විසින් එය දැවී යාමක් ලෙස සටහන් කර තිබේ.

එම පන්දුවද ඉන්නෙන් පිටත පතිත වීම නිසා තෙවන විනිසුරු එයද නොදැවී යාමක් ලෙස සටහන් කර තිබේ.

කෙසේ වෙතත් කුමාර් ධර්මසේන විසින් පන්දු 6ක් තුළ 3වරක් මොයින් අලී දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සටහන් කිරීමත්,තෙවන විනිසුරු එය නොදැවීයාමක් ලෙස සටහන් කිරීමත් සුවිශේෂි සිදුවීමක් බව විදෙස් මාධ්‍ය සඳහන් කොට තිබේ.

ඊයේ(20) දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 258ක් රැස්කර තිබේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්..


Dharmasena says OUT, DRS says NOT-OUT by PTVSports