FAST NEWS

24×7 Around the Globe

ඇමතිවරු දෙන්නෙක් එකම පාර දෙපැත්තෙන් විවෘත කරයි…

 

හබරාදුව ආසනයේ ලියනගොඩ ලුණුමෝදර මාර්ගයේ එක් කොටසක් ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ද එම මාර්ගයේම අනෙක් කොටස මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා විසින් ද විවෘත කර ඇති පුවතක් වාර්තා වේ.

ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මෙහි පැමිණ ඇත්තේ හබරාදුව එජාප සංවිධායක චන්ද්‍රලාල් අබේගුණවර්ධනගේ ආරාධනයෙන් වන අතර එම මාර්ගයම ලුණුමෝදර ප්‍රදේශයෙන් මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා විවෘත කොට ඇත්තේ ඇමැති චන්දිම වීරක්කොඩි මහතාගේ ආරාධනය අනුවයි.

එකම මාර්ගය ඇමැතිවරුන් දෙදෙනකු විසින් දෙකොනකින් විවෘත කිරීම සම්බන්ධව හබරාදුව ප්‍රදේශයේ ජනතාව අතර මහත් ආන්දෝලනයක් ඇති වී තිබෙන බවද වාර්තා වේ.