FAST NEWS

24×7 Around the Globe

වෙල්ගමගේ වත්තේ කළ සෝදිසිය බොළද යැයි කියූ ජනපතිගේ ප්‍රකාශය මෙන්න…

 

රජයට අයත් වෙඩි නොවදින වාහන දෙකක් සඟවා ඇතැයි පවසමින් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාගේ වත්ත වටලා සෝදිසි කිරීම බොළද ක‍්‍රියාවක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

මෙවැනි බොලද වැඩ නිසා මුළු ආණ්ඩුවම අපහසුතාවට පත්වන බවත් තමාට කවුරුන් මොනවා කීවත් මෙවැනි ක්‍රියා බොළද වැඩ බව කිවයුතු බවත් ජනාධිපතිවරයා ලංකාදීප පුවත්පතට සඳහන් කර තිබේ.

රජයට අයත් වාහන සඟවා ඇතැයි කවුරුන් හෝ ඔත්තුවක් දුන්නේ නම් මෙවැනි බොළඳ වැඩ නොකර ඒවා සොයාගන්නා ක‍්‍රම ඕනෑ තරම් ඇතැයිද ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා මේ සදහා යොදා ගත හැකි තාක්ෂණ උපකරණ ලංකාවේ ඕනෑ තරම් ඇති බවත් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේද මෙවැනි උපකරණ ඇති බවත් ප්‍රකාශ කර තිබේ.

මෙම වැටලීම සිදුකලේ සීඅයිඩීයද එෆ්සීඅයිඩීයද කියා තමා නොදන්නා වුවත් කවුරු කළත් ඉන් පොලීසිය මඩ ගාගත් බවද සඳහන් කර තිබේ.

අවසානයේ සිදු වන්නේ මේ ආකාරයේ වැඩවලට ජනතාව සිනාසීම පමණක් යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.