FAST NEWS

24×7 Around the Globe

දිවා ආහාරය – ශ්‍රී ලංකාව කොදෙව්වන්ට වඩා ලකුණු 114 ක් ඉදිරියෙන්..

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ පැවැත්වෙන නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රීකට් තරයේ තෙවන දිනයේ දිවා අහාරයට තරගය අත්හිටුවව විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිඳු කඩුල්ලක් නොදැවි ලකුණු 49 ක් ලබාගෙන් සිටියි.

එ අනුව ශ්‍රී ලංකාව කොදෙව්වන්ට වැඩිය ලකුණු 114 ක් ඉදිරියෙන් සිටින අතර නොදැවී පන්දුවට පහර දෙන සදුන් වීරක්කොඩි ලකුණු 30 ක් සහ කුසල් පෙරේරා ලකුණු 15 ක් රැස් කරගෙන සිටිති.

ශ්‍රී ලංකා A කණ්ඩායම සිළ පළමු ඉනිමට ලකුණු 318 ක් රැස් කළ අතර කොදෙව් A කණ්ඩායමට සිය පළමු ඉනිමට සියළු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 243 ක් පමණි.