FAST NEWS

24×7 Around the Globe

සංගාට හා මහේලට නැවතත් එකට ක්‍රීඩා කිරීමට PSL වෙතින් වරම් – ඩිල්ෂාන් ඉවතට..

2017 පාකිස්ථාන සුපර් ලීග්  විස්සයි විස්ස තරගාවලි වාරය සඳහා එක්වීමට හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීකට් නායක යුගලයක් වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර හට අවස්ථාව ලැබී ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.

එ අනුව ඔවුන් දෙදෙනාම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගෙල් ක්‍රීඩා කිරීමට නියමීත කරච්චි කිංග්ස් කණ්ඩායමට එක් වීමට නියමීතය.

මෙම තරගාවලිය  2017 පෙබරවාරි මාසයේ ඩුබාහිදී පැවැත්වීමට දැනට තීරණය කර ඇති බවද එම මාධ්‍ය වාර්තා පවසයි.

එසේම පසුගිය වර කරච්චි කිංග්ස් කණ්ඩායම ට ක්‍රීඩා කළ  හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට  මෙවර සිය ස්ථානය අහිමී වී තිබේ.

කණ්ඩායම් පහතින්..

aaaaaaaaaaaaaaaaaaaaaaaa pppppppppppppppppppppppppp