ආර්ජන්ටිනාවේ නව යොවුන් වියේ තරුණියක ඉතා අමානුෂික ලෙස දූෂණය කර මරා දැමීමේ සිදුවීමකට එරෙහිව එරට වැඩකරන කාන්තාවන් සිය සේවාවලින් ඉවත්ව දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබේ.
ආර්ජන්ටියාවේ, මාර් ඩෙල් ප්ලාටා නගරයේදී 16 හැවිරිදි ලුසියා පෙරේස් නමැති මෙම නව යොවුන් වියේ තරුණිය ඝාතනයට ලක්ව තිබුණේ මෙම මස මුලදීය.
පසුගිය ඔක්තෝබර් 08 වැනිදා පුරුෂයන් දෙදෙනෙකු විසින් ඇය නහවා, ඇයට අලුත් ඇඳුම් අන්දවා මෙම තරුණිය රෝහලක් වෙත ගෙනැවිත් භාරදී තිබුණේ ඇය මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ලබාගෙන ඇති බව පවසමිනි.
කෙසේ වෙතත්, පසුව ඇය අතිශය භයානක ලිංගික අතවරයකට නතුව ඇති බව වෛද්‍යවරු රෝගියා පරීක්ෂා කිරීමේදී හඳුනාගෙන තිබේ.
එහිදී, තිරිසනුන්ද ඉක්මවා යන ආකාරයෙන් අපරාධකරුවන් විසින් ඇය දූෂණය කර ඇති අතර, මෙම අමානුෂික ක්‍රියාව හේතුවෙන් අධික රුධිර වහනය වීමක් සිදුව ඇති අතර රෝහල් ගත කිරීමෙන් සුළු වේලාවකට පසුව මේ සොඳුරු තරුණිය සිය ජීවිතයට සමුදී තිබේ.
ඒ අනුව, මෙම අමානුෂික අපරාධයට එරෙහි කාන්තා පා ගමන ආර්ජන්ටිනාවේ අගනුවර වන බුවනෝස් එයාර්ස් හිදී ඇරඹි අතර මීට සහභාගී වන සියලු කාන්තාවන් කළු වර්ණයන්ගෙන් සැරසී පැමිණ ඇත්තේ සිය රාජකාරී වේලාවන් අතරතුරය.
ඇගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය අමානුෂික ලෙස දූෂණය කර මරා දැමීමට පෙර ඇයට මත්ද්‍රව්‍යයක් ලබාදී ඇති බවද අධිකරණයේදී කරුණු හෙළි වී තිබේ.
මෙම නඩුව මෙහෙයවූ ප්‍රධාන අභිචෝදක ඉසබෙල් සැන්චේස් පවසා තිබුණේ, මෙවැනි ප්‍රකාශයක් කිරීම එතරම් වෘත්තීය ක්‍රියාවක් නොවුණත්, තමාද මවක් හා ගැහැණියක් ලෙස මීට පෙර ස්ත්‍රී දූෂණ නඩු රැසක් පිළිබඳ අත්දැකීම් තිබුණත් මේ ආකාරයේ අමානුෂික ක්‍රියාවක් අසන්නට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මීට සමාන අමානුෂික තත්ත්වයක් පිළිබඳ නඩුවක් තම ජීවිතයේ මින්පෙර කිසිදා අසා නොතිබූ බවත්ය.
ඡායාරූප පහතින්..


![]()









