FAST NEWS

24×7 Around the Globe

රියදුරු නැතිව පාරේ යන සිංගප්පූරු ටැක්සියටත් වැඩ වරදියි…

 

රියදුරු රහිතව ස්වයං පාලනයකින් ධාවනය කෙරෙන සිංගප්පූරු ටැක්සි රථය අනතුරකට ලක්ව ඇති බව වාර්තා වේ.

nuTonomy සමාගමේ පර්යේෂණයක් ලෙස පැයට සැතපුම් හතරක වේගයෙන් රියදුරු රහිත පරීක්ෂණ ධාවනයක යෙදෙන මෙම ටැක්සි රථය කුඩා ලොරියක යන්තමින් ගැටී ඇති බවද සදහන් වේ.

කෙසේ වෙතත්, මෙම අනතුර ඉතා සුළු ඝට්ටනයක් බව පෙන්වාදෙන අදාළ සමාගම ඉන් රථයටද ඉතා සුළු හානියක් සිදුව ඇති බව පවසා තිබේ.

මෙම පරීක්ෂණ ධාවනයන් හිදී එම රථවල ක්‍රියාකාරීත්වය පිරික්සීම සඳහා ඒ තුළ ගමන් ගන්නා විද්‍යාඥයන් දෙදෙනාටද මින් අනතුරක් සිදුව නොමැති අතර  බවද එම සමාගම පවසා තිබේ.

සිංගප්පූරුව තුළ මෙම රියදුරු රහිත ටැක්සි සේවය පිළිබඳ වැඩසටහන පසුගිය අගෝස්තු මාසයේදී ආරම්භ වූ අතර ලොව පුරා මෙවැනි ටැක්සි සේවයක් සඳහා සිදුකරන ප්‍රථම අත්හදා බැලීම මෙය බවද කියැවෙයි.