FAST NEWS

24×7 Around the Globe

හිටපු පාකිස්තාන පිතිකරුට ICC මුල් පුටුවක්.

හිටපු පාකිස්තාන පිතිකරුවෙක් වෙන සහීර් අබ්බාස් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපති (president) ලෙස පත්ව තිබේ.

බාබඩොස්හි පැවැති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සම්මේලනයේදී ඔහු මෙම තනතුරට පත්ව තිබේ.

අයි.සී.සී. මුල්පුටුව (සභාපති / chairman) තවමත් ඉන්දියාවේ ශ්‍රී නිවාසන් දරණු ඇත.

මේ අතර සර්බියා ක්‍රිකට් සංගමය අයි.සී.සී. යේ 58 වැනි සාමාජික රට වශයෙන් (පූර්ණ නොවන) අනුබද්ධ කරගෙන ඇති අතර මොරොක්කෝවේ හා තුර්කියේ පූර්ණ නොවන සාමාජිකත්වය තහනම් කර ඇත. බෘනෙයි රාජ්‍යය අයි.සී.සී. යෙන් ඉවත්කොට තිබේ.