FAST NEWS

24×7 Around the Globe

හිඟන්නො සහ වෙළෙන්දො මේක කලොත් අත්අඩංගුවට…

 

කොළඹ ප්‍රදේශයේ විදුලි ආලෝක සංඥා අසල හිඟමන් යෙදෙන හා වෙළෙඳාමේ යෙදෙන සියලු පුද්ගලයන් අද (19) සිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව ‍පොලිස් නීති අංශ ප්‍රධානී නියෝජ්‍ය ‍පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා තිබේ.

ඔවුන් නිසා රිය අනතුරු බහුල වී ඇති අතර වාහන ප්‍රමාදයක්ද සිදු වන බැවින් කොළඹ ප්‍රදේශයේ මෙම ක්‍රියාවලිය ප්‍රථමයෙන් ආරම්භ කර පසුව දිවයිනේ අනෙක් ප්‍රදේශවලද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බවත් නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.