FAST NEWS

24×7 Around the Globe

කොදෙව්වෝ ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 294 ක් පසු පසින්…

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A  කණ්ඩායම අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ පැවත්වෙන අවසන් හා තෙවන නිළ නොවන සිව්දින ටෙස්ට් තරගයේ දෙවන දිනයේ දිවා ආහරයට තරගය අත්හිටුවන විට කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිමට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 24 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 318 ක් ලබා ගැනීමට සමත් විය.

එ අනුව කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 294 ක් පසු පසින් සිටියි.

තරගාවලියේ පළමු තරග දෙක එක් තරගය බැගින් ජය ගෙන සම තත්වයෙන් සිටිමට කණ්ඩායම් දෙක සමත්ව සිටියි.