FAST NEWS

24×7 Around the Globe

අයි.පී.එල්. අයිතිය ඉල්ලා Facebook , Twitter හිමිකරුවන් තියුණු සටනක…

 

මීළඟ අයි.පී.එල්. ක‍්‍රිකට් තරගාවලියේ ඩිජිටල් මාධ්‍ය අයිතිය ලබාගැනීම සඳහා ෆේස්බුක් සහ ට්විටර් හිමිකරුවන් ද ලන්සු ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත් ලැබී ඇති ටෙන්ඩර් පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත්තේ ඔත්තෝම්බර් මස 25 වෙනිදායි.

ෆේස්බුක් සහ ට්විටර් හිමිකරුවන් සතුව රූපවාහිනී නාලිකා නොමැති වුවද ඔවුන් රූපවාහිනී අයිතිය වෙනුවෙන් ද ලන්සු ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක් වේ.

ලන්සු ඉදිරිපත් කර ඇති මුළු සමාගම් සංඛ්‍යාව 18ක් වන අතර 2018 වසරේ සිට අයි.පී.එල්. රූපවාහිනී අයිතිය වසර 10ක කාලයක් සඳහා ලබාදීමටයි නියමිතව ඇති බව වාර්තා වේ.