FAST NEWS

24×7 Around the Globe

අගමැතිකම දක්වා මහින්දගේ යෝගයේ ප්‍රබලකම ගැන වෙල්ගම කරන හෙළි කිරීම මෙන්න…

 

“දැන් ආණ්ඩුව ගෙන යන්නෙ අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයයි. එහෙම වුණාට තවමත් විධායක බලය ජනාධිපතිතුමාට තියෙනවා. 19 වැනි සංශෝධනය ගෙනාවට ජනාධිපති බලතල අහෝසි කරලා නැහැ. ජේ.ආර්. ජයවර්ධන කියාපු ආකාරයට මිනිහෙක් ගෑනියෙක් කිරීමත්, ගෑනියෙක් මිනිහෙක් කිරීමත් හැර ඕනෑම දෙයක් කරන්න පුළුවන් බලතල මේකෙ තියෙනවා. ඒ බලය පාවිච්චි කරලා මේ ආණ්ඩුව ගෙදර යවන්න ජනාධිපතිතුමාට පුළුවන්.“ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම බුලත්සිංහල පැවති ජනහමුවක් අමතමින් පවසා තිබේ.

“මේ මාසයේ 15 වැනිදායින් පස්සේ මහින්ද රාජපක්‍ෂ රජ කරන යෝගයක් එනවා. අපේ වැඩපිළිවෙළ 15 වැනිදාට පෙර පටන් ගන්න හිටියා. නමුත් නැකැත් තිබුණේ නැහැ. ඇත්ත කතාව ඒකයි. ඒ නිසා දැන් වැඩ පටන් අරගෙන ලබන වසරේ සිංහල අවුරුද්දට පෙර ආණ්ඩුවක් ගන්නවා.

මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ජනාධිපති ධුරයේ සිටියට අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි 51 දෙනාම ඒකට එකඟයි. කවුරුවත් විරුද්ධ නැහැ.

නමුත් මේ රටේ අගමැතිකම මහින්ද රාජපක්‍ෂ මහත්තයට දිය යුතුයි කියලා නැවතත් අපි කියනවා. එතකොට අංග සම්පූර්ණ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් අපට හදන්න පුළුවන්“ .