අභාවප්‍රාප්ත භූමිබෝල් අදුල්යාදේජ් රජුට අපහාස වන ආකාරයෙන් අන්තර්ජාලය තුළ අදහස් ප්‍රකාශ කළ තායිලන්ත කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රජුගේ ඡායාරූපය ඉදිරියේ වැඳ ප්‍රසිද්ධියේ සමාව ගැනීමට සලස්වා තිබේ.
මෙසේ අත්අඩංගුවට පත් කාන්තාව 43 හැවිරිදි උමාපෝර්න් සරාසාත් ලෙස හඳුනාගෙන ඇති අතර ඇය කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය කාන්තාවක් බවත් වාර්තා වේ.
එරට සංචාරක ක්ෂේත්රයේ ප්‍රකට දූපතක් වූ කෝහ් සාමූයි හිදී මෙම සිදුවීම සිදුව ඇති අතර, ඇයට මේ ආකාරයෙන් ප්‍රසිද්ධියේ සමාව ගැන්වීමට සලස්වන විට විශාල පිරිසක් පොලීසිය ඉදිරිපිට රැස්ව සිටි බවද විදෙස් වාර්තා පවසා තිබේ.
වසර 70ක කාලයක් තායිලන්තයේ රාජ්‍යත්වය දරා පසුගිය බ්‍රහස්පතින්දා අභාවප්‍රාප්ත වූ භූමිබෝල් රජු එරට ජනතාවගේ හදවත දිනාගත් චරිතයකි.
මේ නිසාම, රජුට එරෙහිව අදහස් ප්‍රකාශ කරන්නන් ඉතා අල්ප වන අතර, එවැනි අදහස් ප්‍රකාශ කිරීමක් කලාතුරකින් තිබුණද, ඊට එරෙහිව ජනතාව නැගී සිටින ආකාරයද දැකිය හැකිය.
ඡායාරූප පහතින්…









