(UPDATE)තේ පානය සඳහා තරඟය අත්හිටුවයි – ලකුණු 93ක් ඉදිරියෙන්.

(UPDATE)තේ පානය සඳහා තරඟය අත්හිටුවයි – ලකුණු 93ක් ඉදිරියෙන්.

කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී තේ පානය සඳහා තරඟය අත්හිටුවන විට සිය පළමු ඉනිමට ශී‍්‍ර ලංකා පිල කඩුලූ 6 කට ලකුණු 231 ක් ලබා සිටියේය.

පාකිස්තානයට වඩා ලකුණු 93ක් ඉදිරියෙන්

ලකුණු පුවරුව පහතින්

rererererer

+++++++++++++++++++++++++++++++++++++UPDATE)

දිවා අහාරයට තරඟය අත්හිටුවයි – සිල්වාගෙන්හොඳ ආරම්භයක්

සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු තුනකට ලකුණු 147ක් රැස්කරගෙන සිටියි.

ඒ අනුව පාකිස්තාන පළමු ඉනිමට (138) වඩා ශ්‍රී ලකා කණ්ඩායම තවත් කඩුලු හතක් අතැතිව ලකූ‍ණු 9ක් ඉදිරියෙන් සිටියි.

කෞ‍ෂාල් සිල්වා ‍(64), ඇන්ජලෝ මැතිව්ස් (11) නොදැවී පිටියේ රැදී සිටිති.

අද ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 70 ක් රැස්කරගෙන සිටියේය. අද පළමු කඩුල්ල ලෙස කුමාර් සංගක්කාර ‍(34) පිටියෙන් ඉවත්විය. ඉන් අනතුරුව ළහිරු තිරිමාන්න ‍(7) දැවී ගියේය.

ජුනයිඩ් ‍ඛාන්, යස‍ිර් ෂා හා සුල්ෆිකාර් බාබර් එක් කඩුල්ල බැගින් බිද හෙළුහ.

tttttttttttttttt

++++++++++++++++++++++++++++++++++++ (UPDATE)

අද තරඟයේ දෙවන දිනයයි – පළමු දිනයේ වීරයා තරිඳු කෞෂාල්.

අද පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයයි.

තරඟයේ පළමු දිනය නිමාවනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 70 ක් ලබා සිටියා.

කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 138 ක්.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරිඳු කෞෂාල් ලකුණු 42 කට කඩුළු 05 ක් බිඳ හෙළීමට සමත් වුණා.

 

saSSsSSs