FAST NEWS

24×7 Around the Globe

රුසියානු ජනපති, ජනපති මෛත්‍රීට කී දේ මෙන්න…

 

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පූටින් ජනාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින පරිවර්තනය පිලිබඳ තමා ඉතා සතුටුවන බවත් සදහන් කරමින් බ්‍රික්ස් – බිම්ස්ටෙක් සමගාමී සමුළුවේ ඊයේ (16) පැවති සාකච්ඡාවකදියි ඔහු මෙසේ පවසා තිබේ.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ රුසියාව ශ්‍රී ලංකාවට දැක්වූ කොන්දේසි විරහිත සහය වෙනුවෙන් තමා ස්තූතිවන්ත වන බවත්, රුසියාව සමග පවතින මිත්‍රශීලි සම්බඳතාවයන් තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනපතිවරයා වෙත ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.