FAST NEWS

24×7 Around the Globe

පෙම්වතාගේ ණය ගෙවන්න දිනකදී පිරිමි 7ක් සමග යහන්ගතවූ පෙම්වතිය මෙන්න…

 

පොලියට මුදල් ගෙන පෙම්වතා රට රැකියාවක් සඳහා යැවූ තරුණියක් එම ණය මුදල් ගෙවා දැමීම සඳහා ඇඟ විකිණු පුවතක් වාර්තා වේ.

පෙම්වතිය ණයට ගෙන ලබා දුන් මුදලින් විදෙස්ගතවූ පෙම්වතා, විදෙස්ගත වීමෙන් අනතුරුව මුදල් නොඑවීම නිසා අධික පොලියක් සහ ණය මුදල ගෙවීමේ බර කරමත පැටවුණු තරුණ කාන්තාවක් එම මුදල් ඉපයීම සඳහා ගාල්ල ප්‍රදේශයේ ලිංගික ශ්‍ර‍මික කාන්තාවක් ලෙස කටයුතු කරමින් සිටියදී තැරැව්කරුද සමග ගාල්ල පොලිස් කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බව අනාවරණ වී ඇත්තේ අත්අඩංගුවට පත් කාන්තාව පොලිසිය හමුවේ කළ ප්‍ර‍කාශය අනුවයි.

27 හැවිරිදි අදාල කාන්තාව අත්අඩංගුවට පත්වන විට, එදින පිරිමින් 7 දෙනෙකු සමග යහන්ගතවී ඇති බව සදහන් වේ.

එහිදී ඇය එක් පිරිමියකුගෙන් රුපියල් 2500ක් අය කරගෙන ඇති අතර, ඉන් 1500ක් තැරැව්කරු ලබාගෙන ඇති බව වාර්තා වේ.