FAST NEWS

24×7 Around the Globe

සඳටයි අඟහරුටයි මිනිසුන් යවන්න හදන චීනයේ අත්හදාබැලීම මෙන්න…

 

චීනය මිනිසුන් දෙදෙනෙකු සහිත අභ්‍යවකාශ යානාවක් උඩු ගුවනට යවා තිබේ.

එරට වාර්තා සඳහන් කර ඇත්තේ උතුරු චීනයේ ජිකුවාන් අභ්‍යකාශ මධ්‍යස්ථානයෙන් උඩු ගුවනට යවා ඇති මෙම යානාව දින 30 ක කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටිනු ඇති බවයි.

චීනය සඳට සහ අඟහරු වෙත මිනිසුන් යැවීමේ පියවරෙහි අත්හදාබැලීමක් ලෙස මෙම යානාව උඩුගුවනට යවා ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.