කොළඹ නගරාධිපති කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන බව සඳහන් කරමින් ඡායාරූප කිහිපයක් ෆේස්බුක් සමාජ වෙබ් අඩවියට යම් කිසි පිරිසක් විසින් එක්කරනු ලැබ තිබෙනවා.
කැසිනෝ ශාලාවක නගරාධිපතිවරයා වැනි පුද්ගලයෙක් ඡායාරූපයේ සිටින අතර ඒ ඔහු ද යන්න ස්ථිරව සඳහන් වී නොමැති අතර එහි “මෙන්න Colombo 1 UNP කාරයා කැසිනෝ ගහනවෝ. කැසිනෝ වලට එරෙහිව යහපාලනයට ඡන්දය දුන් ටොයි පැටවුගේ මුහුණ බලන්න ආසයි බන්” යනුවෙන් සටහනක් ද ඇතුළත් කර තිබෙනවා.
කොළඹ අංක එකේ යූ.එන්.පී. කාරයා ලෙස පසුගිය මැතිවරණයක දී ඡන්ද ව්‍යාපාරය ගෙන යන ලද්දේ කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතායි.











