FAST NEWS

24×7 Around the Globe

(Update) දිවා විවේකය වනවිට පාකිස්තානය.

දිවා විවේකය සඳහා තරගය මේ වනවිට තවතා ඇති අතර, පළමුව පන්දුවට පහරදෙමින් සිටින පාකිස්තාන කණ්ඩායම කඩුලු 02 ක් දැවී ලකුණු 70 ක් රැස්කරගෙන සිටියි.

දිනයේ පළමු කඩුල්ල ලෙස අහමඩ් ශෙසාඩ් දැවීගියේය. ධම්මික ප්‍රසාද්ගේ පන්දුවක් හමුවේ කුමාර් සංගක්කාර අතට උඩපන්දුවක් ලබාදී ඔහු දැවීයන විට එක් ලකුණක් රැස්කරගෙන සිටියේය. ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 26 ක් රැස්කරගෙන සිටිඅසාර් අලි පිටියෙන් ඉවත්විය. ධම්මික ප්‍රසාද් මෙම කඩුල්ලේද හිමිකරුවා විය.

මේ වනවිට නොදැවී කඩුල්ලේ රැදීසිටින ආරම්භක පිතිකරු මොහොමඩ් හෆීස් ලකුණු  31 ක් හා යුනිස් ඛාන් ලකුණු 02 ක් රැස්කරගෙන සිටියි.

++++++++++++++++++++++++++

(Update) දුෂ්මන්ත චමීර ටෙස්ට් වරම් දිනයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (25දා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් දිනාගැනීමට දුෂ්මන්ත චමීර සමත්විය. ඔහු ටෙස්ට් වරම් දිනූ 129 වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයාය.

මීගමුව මාරිස්ටෙලා විදුහලේ ආදි සිසුවෙකු වන චමීර ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ සිදුකළ නවසීලන්ත සංචාරයේදී එක්දින වරම් දිනාගැනීමට සමත්විය. 23 හැවිරිදි ඔහු මේ වනවිට එක්දින ජාත්‍යන්තර තරග 03කට ක්‍රීඩාකර කඩුලු 05 ක් බිඳහෙලා ඇත. නුවන් ප්‍රදීප් වෙනුවට චමීර මෙම තරගයට කැඳවා ඇත. ඊට අමතරව පළමු තරගයේදී ආබාධයකට ලක්වූ ඩිල්රුවන් පෙරේරා වෙනුවට තරිඳු කෞෂාල්ද අද තරගයට කැඳවා ඇත.

අද ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණ කළේය. තරගය පෙ.ව. 10.00 ආරම්භ විය.

ශ්‍රී ලංකා කණ්ඩායම

කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (කඩුලු රකින්නා), කිත්රුවන් විතානගේ, තරිඳු කෞෂාල්, ධම්මික ප්‍රසාද්, දුෂ්මන්ත චමීර, රංගන හේරත්

පාකිස්තාන කණ්ඩායම

මොහොමඩ් හෆීස්, අහමඩ් ශෙසාඩ්, අසර් අලි, යුනිස් ඛාන්, මිස්බා උල් හක් (නායක), අසාද් ෂෆික්, සෆ්රාස් අහමඩ් (කඩුලු රකින්නා), වහබ් රියාස්, ජුනයිඩ් ඛාන්, යසිර් ෂා, සුල්ෆිකර් බාබර්

+++++++++++++++++++++++

(Update) කාසියේ වාසිය පකිස්ථානයට.

සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට පකිස්ථාන කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් වුණා. ඒ අනුව ඔවුන් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. තරඟය පැවැත්වෙන්නේ කොළඹ පී.සරා ක්‍රීඩාංගණයේදීයි.