ජනප්‍රිය නිළි කිම් කර්ඩයිෂන්ට අද පාන්දර යාමයේ නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වී තිබෙනවා.
ඒ පිලිබඳ තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය පවසා සිටින්නේ පාන්දර 4 ට පමණ බීමතින් සිටි නිරුවත් කාන්තාවක් ඇය නැවතී සිටි හෝටල් කාමරයට කඩා වැදී කලබලයක් සිදු කළ බවයි.
එය ඉතාම හාස්‍යජනක අත්දැකීමක් වූ බව ද කිම් පවසා සිටිනවා. ඇගේ හැසිරීම පටිගත කළ වීඩියෝවක් තම සතුව ඇති නමුත් එය අන්තර්ජාලයට මුදා හැරීමේ අදහසක් තමාට නැති බවයි ඇය පවසා සිටින්නේ.












