ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරිදු – සුරංග සමගින් පිටියට.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරිදු – සුරංග සමගින් පිටියට.

සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය කොළඹ පී. සරා  ඕවල් කී‍්‍රඩාංගණයේදී අද ආරම්භ වනවා. පාකිස්තානු කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ තරග 3කින් සමන්විත මෙම තරගාවලිය 1ට බින්දුවක් ලෙස පෙරමුණ ගනිමින්.

කෙසේ වෙතත් පී. සරා  ඕවල් කී‍්‍රඩාංගණයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ පළමු තරගයේ දී සිදුවූ අඩුපාඩු මගහරවා ගනිමින් අද තරගයට පිවිසෙන බවයි.

ආබාධයට ලක් වූ ඩිල්රුවන් පෙරේරාගේ ස්ථානය බොහෝ දුරට තරිදු කෞෂාල්ට හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ. ධම්මික ප‍්‍රසාද් අද තරගයට එක් නොවන්නේ නම් ඔහුගේ ස්ථානය සුරංග ලක්මාල්ට හිමිවනු ඇතැයිද වාර්තා වනවා.

මේ අතර පාකිස්තානු පිතිකරු යුනිස් ඛාන් අද සහභාගි වන්නේ සිය ටෙස්ට් කි‍්‍රකට් දිවියේ සියවැනි ටෙස්ට් තරගයටයි. එ් අනුව ඔහු ටෙස්ට් තරග සියයක් කී‍්‍රඩා කළ 5 වැනි පාකිස්තානු කී‍්‍රඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්වනු ඇති. පාකිස්තානය සහ ශී‍්‍ර ලංකාව අතර අද ආරම්භ වන ටෙස්ට් තරගය දෙරට අතර ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ පැවැත්වෙන 50 වැනි තරගය වීමද විශේෂත්වයක්.