මනාලයෙක් සොයා ගැනීම සඳහා අන්තර්ජාලයේ විවාහ යෝජනාවක් පළ කළ ගුරුවරියකට බොරු විවාහ පොරොන්දුවක් ලබාදී ඇය සතු රුපියල් ලක්‍ෂ හතරක පමණ මුදලක් වංචා සහගතව ලබාගෙන සැඟවී සිටින හොර ඉන්ජිනේරුවකු පිළිබද අනාවරණය වී තිබේ.
ගුරුවරියට මනාලයෙක් සොයා ගැනීම සඳහා පසුගිය දිනක අන්තර්ජාලයේ විවාහ යෝජනාවක් පළ කර ඇති අතර එම දැන්වීම දුටු පුද්ගලයෙක් තමා ඉන්ජිනේරුවකු බව පවසා ඇයව විවාහ කර ගැනීමට පොරොන්දුවක් ලබාදී ඇත.
එසේ විවාහ පොරොන්දුව ලබාදුන් පුද්ගලයා නිතර නිතර ඇයට දුරකතනයෙන් අමතමින් සුහදතාව වර්ධනය කරගෙන ඇති අතර එම සුහදතාව මත ඇය ඔහු පිළිබඳ දැඩි විශ්වාසයක් ඇති කරගෙන තිබේ.
පසුගිය දිනෙක ඔහු ඇයට කතා කර “අපි හැකි ඉක්මනින් බඳිමු විවාහයට රුපියල් ලක්‍ෂ තිහක් විතර යයි” යනුවෙන් පවසා පසුව හදිසි අවශ්‍යතාවක් සඳහා තමාට රුපියල් පනස් දහසක් ලබාදෙන ලෙසද ඔහු ඇයගෙන් ඉල්ලා ඇත.
කිසිදාක ඔහුව දැක නොතිබූ ඇය ඔහු ඉල්ලූ මුදල රැගෙන මහරගම පිළියන්දල පාරේ යම් ස්ථානයකට ගොස් මුදල් ලබාදී ඇති අතර ඔහු දින කිහිපයකින් පසුව ඇයට නැවැත කතා කර “මගේ අවශ්‍යතාවට තව රුපියල් ලක්‍ෂ තුනක් මදි” යනුවෙන් පවසා ඔහුගේ ගිණුම් අංකයකට එම මුදල් බැර කරන ලෙස පවසා තිබේ.
සැකකරු ලබාදුන් ගිණුම් අංකයට මුදල් දැමූ ගුරුවරිය අවස්ථා කීපයකදී ඔහුගේ දුරකතන අංකයට ඇමැතුම් ලබාදී ඇතත් එම අංකය විසන්ධි වී තිබූ බව සදහන්ය.
එම පුද්ගලයා තමන්ට වංචාවක් කර ඇති බව දැනගත් ගුරුවරිය ඒ බව දන්වමින් මහරගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර මහරගම පොලිසිය එම සැඟවී සිටින හොර ඉන්ජිනේරුවා අත්අඩංගුට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව වාර්තා වේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.