FAST NEWS

24×7 Around the Globe

මාස අටක් ප්‍රතිකාර ලැබුවත් තවමත් පුතාට ඇවිදින්න බෑ- සන්දීප්ගේ පියා කියයි…

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ජීප් රථයේ යතුරුපැදිය ගැටී බරපතළ තුවාල ලබා මාස අටක්‌ පමණ රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි සන්දීප් සම්පත් තරුණයා සුවය ලබා හෝමාගම පිටිපන පිහිටි සිය නිවසට ගොස්‌ ඇත.

සන්දීප් ඉකුත් පෙබරවාරි 28 දා රාත්‍රි රාජගිරියේදී ඔහු පදවාගෙන ගිය යතුරුපැදිය පාඨලී චම්පික ඇමැතිවරයාගේ ජීප් රථයේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා ජාතික රෝහලේ මාස කිහිපයක්‌ ප්‍රතිකාර ලැබූ අතර පසුව ඔහු රාගම පුනරුත්ථාපන රෝහලේ ද නේවාසිකව ප්‍රතිකාර ලබා තිබේ.

අනතුර සිදුවන අවස්‌ථාවේ ඇමැතිවරයා ජීප් රියේ ගමන් නොකළ බවට පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළි විය.

රාගම පුනරුත්ථාපන රෝහලේ සිට නිවසට පැමිණි තම පුත්‍රයාට තවමත් සමබරව ඇවිදගත නොහැකි බව සන්දීප්ගේ පියා වූ දයානන්ද ගුණවර්ධන මහතා පැවසීය.

ලබන 18 වැනිදා සන්දීප්ට තවත් සැත්කමක්‌ සිදු කිරීමට නියමිතය.