ඇමරිකාවේ වෙසෙන මුස්ලිම් පූජකවරයෙකුවන ෆෙතුල්ලා ගුලෙන් සමග සම්බන්ධතා පවත්වන බවට චෝදනා ලැබූ තුන් දහසකට ආසන්න තුර්කි පොලිස් නිලධාරීන් පිරිසකගේ වැඩ තහනම් කර තිබේ.
එම සංඛ්‍යාව අතරින් දෙදහස් පන්සියයකට වැඩි දෙනා පොලිස් ප්‍රධානීන් බවයි වාර්තා වේ.
එසේ වුවද හමුදා කුමන්ත්‍රණය පිටුපස සිටින බවට පූජක ගුලෙන් ට නැගෙන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරයි.
තුර්කියේ සිදුවූ හමුදා කුමන්ත්රණයෙන් පසු දස දහස් ගණන් රජයේ සේවකයන් රැකියාවෙන් නෙරපා දමා ඇති අතර තිස් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.









