FAST NEWS

24×7 Around the Globe

බදු නැතුව ශ්‍රී ලංකාවට බියර් ගෙන්න මහා භාණ්ඩාගාරය කොම්පැණියකට ඉඩ දීලා…

ලයන් බෘවරි සමාගම වෙත මාස 3 ක කාලයක් සඳහා ආනයනික බදුවලින් තොරව බීර ආනයනය සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙහිදී දේශීය බීර නිෂ්පාදකයින් සඳහා බලපවත්වනු ලබන බදු ඒ අයුරින්ම සමාගම වෙත ක්‍රියාත්මක වන බවද පැවසේ.

ලයන් බෘවරි සමාගමේ බියගම පිහිට කර්මාන්ත ශාලාව, පසුගිය මැයි මාසයේ ඇති වූ ගංවතුර තත්ත්වය හමුවේ සම්පූර්ණයෙන් අඩපණ විය.

මේ නිසා සමාගමේ යන්ත්‍රසූත්‍ර සියල්ලක්ම පාහේ හානියට පත්ව තිබේ.

එබැවින් දේශීය වශයෙන් නිෂ්පාදනයක් සිදුනොවන බැවින් මෙම ආනයනික බදු සහනය කෙටි කලකට සමාගමට ලැබී තිබේ.

බෘවරි සමාගම වාර්ෂිකව රුපියල් බිලියන 25 ක බදු ආදායමක් ලබා දෙන බැවින් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ සමාගම විසින් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත්තේ මාස 3 ක කාලයක් සඳහා බදු සහනයක් ලබා දෙන ලෙසයි.

ලයන් බෘෘවරි සමාගම දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන මධ්‍යසාර සාන්ද්‍රණය 5% ට අඩු බීර ලීටරයක් සඳහා රු. 190 ක්ද, 5% ට වැඩි බීර ලීටරයක් සඳහා රු. 315 ක්ද බදු වශයෙන් ගෙවනු ලබයි.