FAST NEWS

24×7 Around the Globe

යහපාලන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරියකට හිරේ යන්න වෙන ලකුණූ..

නීති විරෝධීව මෙරටට රැගෙන එන කරුංකා කන්ටේනර් නියමිත දඩයකට යටත් නොකර අඩු ගාස්තුවක් යටතේ මුදාහැරීම හා පැරණි වෑන් රථ මෙරටට ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගමකට බලපත්‍ර පනහක් නිකුත් කිරීම ඇතුළු චෝදනා ගොනු කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරියකට එරෙහිව අගමැති කාර්යාලයේ දූෂණ මර්දන ඒකකය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර ඇත.

කරුංකා කන්ටේනරයක් රුපියල් ලක්ෂයක දඩයකට යටත් කර මුදා හැරීමට කටයුතු කරනු ලැබ ඇති අතර මෙසේ කටයුතු කර ඇත්තේ නෞකි විචක්ෂණ නම් ලේකම්වරියක් වන බව පැවසේ.

ඇගේ පියා ද කරුංකා ජාවාරමේ නිරත වන බවට අගමැති ලේකම් කාර්යාලයට තොරතුරු ලැබී ඇති අතර හිරාන් විචක්ෂණ නම් එම පුද්ගලයා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන බවද පැවසේ.