FAST NEWS

24×7 Around the Globe

මහින්ද පල් හොරෙක් – ශිරන්තිව අත්අඩංගුවට ගන්නේ නැති හේතුව අනුර කියයි…. (වීඩියෝ)

‍හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ජනපති පුටුවට ආවේ මහා දේශපේ‍්‍රමී කතා කියමින් වුවත් ඔහු පුටුවෙන් බැස ගියේ පල් හොරෙක් ලෙස යයි ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක පවසයි.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා ආවේ විහාර මහා දේවිය ලෙස වුවත් ගියේ චෞර රැජිනත් වී බවද කී ජවිපෙ නායකයා ශාන්ත දාන්ත නායකයෙක් ලෙස ආ මෛත‍්‍රී යනකොට කවුරැන් වේදැයි බලාගත හැකි යයිද සදහන් කලේ එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

හිටපු ජනපති බිරිද ශිරන්ති රාජපක්‍ස සම්බන්ධයෙන් සිදු වන දූෂණ චෝදනාවන්ට අදාල පරීක්‍ෂණ අවසන් වී තිබුණද ඇය අත්අඩංගුවට නොගන්නේ රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ අතර ඇති එකගතාවයක් මත යයිද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.