FAST NEWS

24×7 Around the Globe

උතුරු මහ ඇමතිව මරන්න ඉන්න දකුණේ කණ්ඩායම ගැන විග්නේෂ්වරන් කියන කතාව මෙන්න…

දකුණේ පිරිසක් මාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් කොට එය එල් ටී ටී සංවිධානය මත දැමීමට උත්සාහ කරන බව උතුරු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කර තිබේ.

“ශ්‍රීලංකාව ව්‍යවස්ථාව” යන මැයෙන් හිටපු කථිකාචාර්යවරයකු වූ එම් තිරුවුනාවකරුසු විසින් එලි දැක්වීමට නියමිත පොතකට සුභ පැතුම් පණිවිඩය යවමින් ඔහු මෙසේ ප්‍රකාශ කර ඇති බව පැවසේ.

මා විසින් කරන ලද සිංහලයන් උතුරෙන් පලවා හැරිම සහ උතුරේ පන්සල් ගොඩනැගිමට විරුද්ධ ප්‍රකාශය දකුණේ ජනතාව අතර වැරදි ආකාරයෙන් ප්‍රචාරය කොට ඇති බවත් එහි සත්‍යක් නැති බවත් හෙතෙම අවධාරණය කර ඇත.

එමෙන්ම මහජාතිය සිතා සිටින්නේ ඔවුන් අප වෙත දෙන දෙයක් ගත යුතුය අතර අපගේ ජනතාවගේ අභිලාෂයන් සම්බන්ධයෙන් කතා නොකළ යුතුය යන්න නිසා මට දැනගන්නට ලැබුණු ආකාරයට දකුණේ පිරිසක් විසින් කුමන්ත්‍රණය කොට ඇත්තේ මාව ඝාතනය කොට එය එල් ටී ටී සංවිධානය පිට පැටවීමට බව එහි වැඩිදුරටත් සඳහන් වේ .